Basic to Adv. Graphic Designing (Semi-Live)

 

 Basic to Advanced Graphic Designing Course

(අර්ධ සජීවී පාඨමාලාවකි)

සියලුම විස්තර පහතින් දැක්වේ. හොඳින් කියවන්න. -

Basic to Advanced Graphic Designing Course සහතිකපත්‍ර පාඨමාලාව

නව කණ්ඩායම් ආරම්භය
අර්ධ සජීවී පාඨමාලාවක් නිසා ඔබට පහසු පරිදි පාඨමාලාව ආරම්භකිරීමට හැකියාව ඇත.

Adobe Photoshop, Adobe Illustrator හා CorelDraw මෘදුකාංග මුල සිට සරලව සංකීර්ණ කොටස් දක්වාම

සියලුම විස්තර පහතින්.. හොඳින් කියවන්න.

ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු 🙏

🤔 මේ පාඨමාලාව කා උදෙසා ද?

💁ග්‍රැෆික් නිර්මාණකරණය ගැන දන්න, ටිකක් දන්න, නොදන්න හා ආසාව උනන්දුව ඇති, මුල සිට සරලව සංකීර්ණ කොටස් දක්වාම ඉගෙනීමට හා වෘත්තීය මට්ටමේ දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට. විශේෂයෙන්ම පාසල්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ට, රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිකයන් ට, ව්‍යාපාර කටයුතු හා ස්වයං රැකියා නියුක්තිකයන් ට.

🤔 වයස් සීමාවක් තියෙනවා ද?

💁 වයස අවුරුදු 14 න් ඉහල ඕනෑම අයෙකුට සහභාගී වන්න පුළුවන්.

🤔 පාඨමාලාවේ අන්තර්ගත මෘදුකාංග මොනවාද?

💁 Adobe Photoshop, Adobe Illustrator හා CorelDraw

🤔 පාඨමාලා අන්තර්ගතය.? මුල ඉදන්ම කරනවද?

💁 ඔව්. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නෑ. මුල සිටම සංකීර්ණ කොටස් දක්වාම මෙහි උගන්වනවා. පාඨමාලා අන්තර්ගතය (Course Contents) මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. සියලුම අන්තර්ගත වන විෂය කරුණු එහි සඳහන්.


🤔 Software අපි ගාව නැත්නම්. කොහොමද ඒවා ගන්නේ.?

💁 සියලුම අවශ්‍ය මෘදුකාංග අපේ ඔන්ලයින් පන්තිය හරහා නොමිලේ Download කරගන්න පුළුවන්. ඒවා Install කරන ආකාරයත් අපි කියලා දෙනවා.

🤔 මොකක්ද උගන්වන Software Version එක.?

💁 එක Version එකකට කොටු වෙලා ඉගැන්වීම් කරන්නේ නෑ. ඕනම Version එකකට ගැලපෙන පරිදි සියලු ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. එතකොට අලුතෙන් එන Versions වලටත් Update වෙන්න ලේසි.

🤔 ඉගැන්වීම් කටයුතු කරන්නේ Video Tutorials වලින්ද ?

💁 නෑ. Zoom යෙදුම ඔස්සේ සජීවීව පළමු දේශණය හා විශේෂ දේශණ පැවැත්වෙනවා.. ඒ දේශණ වල සම්පූර්ණ Video Recording එකත් ඔයාට ලැබෙනවා. ප්‍රධාන පාඩම් දේශණ YouTube Private Video ලෙස ලැබෙන අතර ඊට අමතරව ඊට අමතරව, අමතර දැනුම සඳහා Video Tutorials Pack එකකුත් නොමිලේ ලැබෙනවා. ඒක ලැබෙන්නේ Google Classroom සහ YouTube Private Links හරහා.

🤔 පාඨමාලාව අවසානයේ සහතිකයක් ලැබෙනවා ද?

💁ඔව් අනිවාර්යයෙන්ම. පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට වටිනා සහතික පතක් නිකුත් කරනවා. ඒ වගේම විශේෂ ඇගයීම් සහතික පත් පවා නිකුත් කරනවා විවිධ තරඟ ඉසව් ඔස්සේ.

🤔 Exam එකක් තියල ද සහතික දෙන්නේ?

💁Exams නෑ. Assignments (පැවරුම්) තියෙනවා සියලුම විෂය කොටස් වලට අදාලව. ඒ පැවරුම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරලා සහතිකය ලබා ගන්න පුළුවන්.

🤔 අපට ලැබෙන සහතිකය පිළිගත් සහතිකයක් ද.? ඔයාලගේ ඇකඩමි එක Registered ද.?

💁ඔව්. ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය මානව සම්පත් සංවර්ධනයේ නියැලෙන ආයතනයක් ලෙස හා අනුමත අධ්‍යාපන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වූ ආයතනය කි.
 
Reg.No. HRDA/K/MAW/COM/287

🤔 පාඨමාලාව පැවැත්වෙන දින, වෙලාව, කාල සීමාව ?

💁 ආරම්භක දිනය 
අර්ධ සජීවී පාඨමාලාවක් නිසා ඔබට පහසු පරිදි පාඨමාලාව ආරම්භකිරීමට හැකියාව ඇත.
නියමිත කාල සීමාව මාස 4යි ( ඔබගේ අවශ්‍යතාවය මත කාලය සකසා ගත හැක)

ප්‍රධාන දේශණ YouTube Private Video ලෙස ලැබෙන අතර ඊට අමතරව අනෙකුත් දින වල අමතර වීඩියෝ පාඩම් හා ඊට අදාල පැවරුම් ලැබෙනවා. ඒවා ඔයාට පහසු පරිදි කාලය වෙන් කරගෙන කරන්න පුළුවන්.

😮 ඒ කියන්නේ වැඩ කන්දරාවක් තියෙනවා.!!

💁 ඔව්. Practice එක සහ experience එක ගන්න නිකන් ඉඳලා බෑනේ. හැබැයි ඒ හැම දේම අනිත් වැඩත් එක්කම balance එකේ කරන විදිහ අපි කියලා දෙනවා.😊

😊 පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද?

💁 ගාස්තු ගෙවා ඔබගේ ස්ථානය තහවුරු කර පාඨමාලාවට සහභාගී වීමට හැක.
බඳවා ගන්න ප්‍රමාණය සීමා සහිතයි.
හේතුව, හැම කෙනාටම අවධානය යොමු කරන්න ඕන නිසා සහ කාර්යක්ෂමතාව තියාගන්න ඕන නිසා අපි සීමිත පිරිසක් පමණයි බඳවා ගන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මෙම ලින්ක් එක ඔස්සේ නොමිලේ ලියාපදිංචි වන්න -  
 
 
නැතහොත් හැකි ඉක්මනින් ඔයාගේ නම හා email ලිපිනය, 070 2 87 37 37 අංකයට WhatsApp හරහා අපට එවන්න.

😊 පාඨමාලා ගාස්තුව කොහොමද?

💁 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 5000.00 පමණයි.

පාඨමාලාවට ලියාපදිංචි වීමට රු 5000.00 ක මුදල බැංකුවට තැන්පත් කොට රිසිට් පත අපට එවිය යුතුයි.

බැංකු ගිණුම් විස්තර ඔබට WhatsApp (070 2 87 37 37) හරහා ලබාගන්න පුළුවන්.


🤔 Course Contents වල තියන හැම දෙයක්ම කරනවා නේද Course එකේ.?

💁 ඔව් අනිවාර්යයෙන්ම. කිසි දෙයක් මගහැරෙන්නේ නෑ. ඒ වගේම පාඨමාලාවෙන් පසුව වුවත් අපේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය ඔයාට ලැබෙනවා. අපෙන් ඕනෑම සහයක් ලබා ගන්න පුළුවන්.

අපේ ආයතනයේ ඔන්ලයින් ඉගෙනුම් ආරම්භ කර දැන් අවුරුදු 3ක කාලයක්. ඒ කාලය ඇතුලත...👇

අපගේ පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ අදහස් හා පාඨමාලාවන්හි ගුණාත්මක බව පහත ලින්ක් ඔස්සේ ගොස් බලන්න.



පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ නිර්මාණ හා පැවරුම් මේ ලින්ක් එක ඔස්සේ බලන්න

__________________

නිවැරදි දැනුම සමඟ ඒ දැනුම තහවුරු කරන්න පිලිගත් සහතික පතක් තිබීමත් ඉතා වැදගත්. එම නිසයි ඇක්වාමාස්, ඔබට ඒ සියලුම පහසුකම් සලසා දෙන්නේ.

නමුත් මතක තබා ගන්න, සහතික තිබූ පමණින් අද කාලයේ පිළිගැනීමක් නෑ. දැනුම හා කුසලතා තිබීම අනිවාර්යයි. එන්න ඔබේ හැකියාවන් ට වටිනාකමක් දෙන්න.

Comments