Graphic Express One Month Course Details

Graphic Express One Month Course Details

මාසික සහතිකපත්‍ර පාඨමාලාව 

ඉක්මනින් ග්‍රැෆික් ඉගෙනගන්න අවශ්‍ය ඔබ සඳහා ම..

සියලුම විස්තර පහතින් දැක්වේ. හොඳින් කියවන්න. 

ආරම්භක දිනය - මාර්. 10 (සිකුරාදා)
වේලාව - රාත්‍රී 8.30ට 

Adobe Photoshop
Adobe Illustrator
CorelDraw යන මෘදුකාංග මුල සිට සරලව..

🤔 මේ පාඨමාලාව කා උදෙසා ද?

💁ග්‍රැෆික් නිර්මාණකරණය ගැන දන්න, ටිකක් දන්න, නොදන්න හා ආසාව උනන්දුව ඇති, මුල සිට සරලව ඉක්මනින් ඉගෙනීමට හා වෘත්තීය මට්ටමේ දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අය සඳහා..

🤔 පාඨමාලාවේ අන්තර්ගත මෘදුකාංග මොනවාද?

💁 Adobe Photoshop, Adobe Illustrator හා CorelDraw යන ග්‍රැෆික් නිර්මාණකරණ මෘදුකාංග ඇතුලත් 

🤔 පාඨමාලා අන්තර්ගතය.? මුල ඉදන්ම කරනවද?

💁 ඔව්. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නෑ. මුල සිටම සංකීර්ණ කොටස් දක්වාම මෙහි උගන්වනවා. පාඨමාලා අන්තර්ගතය (Course Contents) මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. සියලුම අන්තර්ගත වන විෂය කරුණු එහි සඳහන්.

 
🤔 Softwares අපි ගාව නැත්නම්. කොහොමද ඒවා ගන්නේ.?

💁 සියලුම අවශ්‍ය මෘදුකාංග අපේ ඔන්ලයින් පන්තිය හරහා නොමිලේ Download කරගන්න පුළුවන්. ඒවා Install කරන ආකාරයත් අපි කියලා දෙනවා.

🤔 මොකක්ද උගන්වන Software Version එක.?

💁 එක Version එකකට කොටු වෙලා ඉගැන්වීම් කරන්නේ නෑ. ඕනම Version එකකට ගැලපෙන පරිදි සියලු ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. එතකොට අලුතෙන් එන Versions වලටත් Update වෙන්න ලේසි.

🤔 ඉගැන්වීම් කටයුතු කරන්නේ Video Tutorials වලින්ද ?

💁 නෑ. Zoom යෙදුම ඔස්සේ සජීවීව දේශණ පැවැත්වෙනවා.. ඒ දේශණ වල සම්පූර්ණ Video Recording එකත් ඔයාට ලැබෙනවා. ඊට අමතරව, අමතර දැනුම සඳහා Video Tutorials Pack එකකුත් නොමිලේ ලැබෙනවා. ඒක ලැබෙන්නේ Google Classroom සහ YouTube Private Links හරහා.

🤔 පාඨමාලාව අවසානයේ සහතිකයක් ලැබෙනවා ද?

💁ඔව් අනිවාර්යයෙන්ම. පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට වටිනා සහතික පතක් නිකුත් කරනවා.

🤔 Exam එකක් තියල ද සහතික දෙන්නේ?

💁Exams නෑ. Assignments (පැවරුම්) තියෙනවා සියලුම විෂය කොටස් වලට අදාලව. ඒ පැවරුම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරලා සහතිකය ලබා ගන්න පුළුවන්.

🤔 අපට ලැබෙන සහතිකය පිළිගත් සහතිකයක් ද.? ඔයාලගේ ඇකඩමි එක Registered ද.?

💁ඔව්. ඇක්වාමාස් අධ්‍යාපන ආයතනය මානව සම්පත් සංවර්ධනයේ නියැලෙන ආයතනයක් ලෙස හා අනුමත අධ්‍යාපන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වූ ආයතනය කි.
(ලි.ප. අං. - HRDA/K/MAW/COM287)

🤔 පාඨමාලාව පැවැත්වෙන වේලාව, කාල සීමාව ?

💁රාත්‍රී 8.30 සිට 11.30 දක්වා මාසයක් පුරාවට (දින 5ක්) zoom ඔස්සේ සජීවී දේශණ පැවැත්වෙනවා. ඊට අමතරව සතියේ අනෙකුත් දින වල අමතර වීඩියෝ පාඩම් හා ඊට අදාල පැවරුම් ලැබෙනවා. ඒවා ඔයාට පහසු පරිදි කාලය වෙන් කරගෙන කරන්න පුළුවන්.

😮 ඒ කියන්නේ වැඩ කන්දරාවක් තියෙනවා.!!

💁 ඔව්. Practice එක සහ experience එක ගන්න නිකන් ඉඳලා බෑනේ. හැබැයි ඒ හැම දේම අනිත් වැඩත් එක්කම balance එකේ කරන විදිහ අපි කියලා දෙනවා.😊

😊 පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද?

💁
බඳවා ගන්න ප්‍රමාණය සීමා සහිතයි.
හේතුව, හැම කෙනාටම අවධානය යොමු කරන්න ඕන නිසා සහ කාර්යක්ෂමතාව තියාගන්න ඕන නිසා අපි සීමිත පිරිසක් පමණයි බඳවා ගන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් ඔයාගේ නම හා "GR Express" ලෙස සටහන් කර කෙටි පණිවිඩයක්, 0702873737 අංකයට WhatsApp හරහා එවන්න.එවිට ඔබට බැංකු ගිණුම් විස්තර ලබා දෙනු ඇත.

😊 පාඨමාලා ගාස්තුව කොහොමද?

💁 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 3000.00 පමණයි. එය ද ඔබ සම්පූර්ණ පාඨමාලාව ස‍දහා එක වර මුදල් ගෙවීමේදී රු 500.00 වට්ටමකට යටත්ව ඔබ ගෙවිය යුත්තේ රු 2500.00 පමණි.

නැතහොත් ඔබට රු 1000.00 බැගින් වාරික 3කින් රු 3 000.00 ක මුදල සති 3කින් ගෙවීම් සිදු කල හැකියි.

බැංකු ගිණුම් විස්තර ඔබට WhatsApp (0702873737) හරහා ලබාගන්න පුළුවන්.

🤔 Course Contents වල තියන හැම දෙයක්ම කරනවා නේද Course එකේ.?

💁 ඔව් අනිවාර්යයෙන්ම. කිසි දෙයක් මගහැරෙන්නේ නෑ. ඒ වගේම පාඨමාලාවෙන් පසුව වුවත් අපේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය ඔයාට ලැබෙනවා. අපෙන් ඕනෑම සහයක් ලබා ගන්න පුළුවන්.

අපේ ආයතනයේ ඔන්ලයින් ඉගෙනුම් ආරම්භ කර දැන් අවුරුදු දෙකක කාලයක්. ඒ කාලය ඇතුලත...👇

අපගේ පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ අදහස් හා පාඨමාලාවන්හි ගුණාත්මක බව පහත ලින්ක් ඔස්සේ ගොස් බලන්න.



පාඨමාලා සමඟ සම්බන්ධ වූවන්ගේ නිර්මාණ හා පැවරුම් මේ ලින්ක් එක ඔස්සේ බලන්න

__________________

නිවැරදි දැනුම සමඟ ඒ දැනුම තහවුරු කරන්න පිලිගත් සහතික පතක් තිබීමත් ඉතා වැදගත්. එම නිසයි ඇක්වාමාස්, ඔබට ඒ සියලුම පහසුකම් සලසා දෙන්නේ.

නමුත් මතක තබා ගන්න, සහතික තිබූ පමණින් අද කාලයේ පිළිගැනීමක් නෑ. දැනුම හා කුසලතා තිබීම අනිවාර්යයි. එන්න ඔබේ හැකියාවන් ට වටිනාකමක් දෙන්න මේ හොඳම කාලයයි.

Comments